පාසල් නිමවී ගෙදර යද්දී ලොරියෙන් වැටී සිසුන් 11කට තුවාල


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන්11 දෙනෙක කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී තුවාල ලබා ඇති අතර ඉන් හත් දෙනකු අද දහවල් දිවුලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිසුන් පාසල් නිමවී නිවෙස්වලට යෑම සඳහා මෙම ලොරිරථයට ගොඩ වී ඇති අතර වංගුවකදී මොවුන් ලොරියෙන් විසිවී වැටුණු බව එම සිසුහු පවසති

ලොරි රථය මෙතෙක් හඳුනාගෙන නැත.